Wednesday, January 29, 2014

කෝලම් නැටීමේ කවි.






කෝලම් නැටීමේ කවි පිළිබද විස්තරයක්

කෝලම් නාටකයද ආරම්භ වන්නේ නාඩගම් සොකරි වැනි අනෙකුත් ජන නාට්‍යවල මෙන් සාම්ප්‍රදායිකව නාට්‍ය කණ්ඩායමේ නායකයා හෙවත් පොතේගුරැ විසින් ගයනු ලබන ප්‍රාරම්භ ගායනයෙනි. ඇතැම් පිටපතක මෙම ගායනය සංස්කෘත ශ්ලෝකයකින් සහ සිලෝ විරිතින් රචිත පද්‍ය තුනකින් සමන්විත වන්නේය. ප්‍රාරම්භ ගායනය කිරීමෙහි පරමාර්ථය වන්නේ ඉෂ්ට දේවතාවුන්ට නමස්කාර කිරීමයි. සංස්කෘත නාට්‍ය ආරම්භයේදී ද මෙවැනි ගායනයක් සූත්‍රධාරී විසින් ඉදිරිපත් කරනු ලබන අතර එය නාන්දිය නමින් හදුන්වනු ලැබේ.කෝලම් සම්ප්‍රදායෙහිදී ද මහා බ්‍රහ්මයා ඇතුළු හින්දු දේවතාවුන්ටත් ඉන් අනතුරැව ත්‍රිවිධ රත්නයටත් කෙරෙන නමස්කාරයකින් ප්‍රාරම්භ ගායනය සමන්විත වන්නේය. එයින් මෙම සාම්ප්‍රදායික කාර්ය සිංහල නාටකයට පදනම සැපයූ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ ආභාෂයෙන් ඇති වූවක් බව පැහැදිලි වේ. 

සිරිතක් වශයෙන් සිංහල බෞද්ධයන් දෙවියන් සිහි කරන්නේ බුදුන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීමෙන් පසුවය. මෙහිදී දෙවියන්ට ප්‍රමුඛත්වය ලැබී ත්‍රිවිධ රත්න නමස්කාරය ද්විතීය ස්ථානයට පත් වී තිබීමෙන් සංස්කෘත නාට්‍ය කලාවසිංහල නාටකයට කෙතෙක් ලබපෑම් කර ඇතිද යන්න පැහැදිලි වන්නේය.

නාට්‍ය කලාවේ නිර්මාතෘ වූ මහා බ්‍රහ්මයා හට ප්‍රණාමය පුද කර ඉන් පසුව දෙවන පද්‍යෙයන් කෝලම් නාටකය නැරඹීම උදෙසා කෝලම් නෘත්‍ය මණ්ඩලයට පැමිණි ප්‍රේක්ෂක ලොකු කුඩා සියල්ලන්ම මහත් ශ්‍රී සෙත් දී පස්වාදහස් කල් යෙහෙන් රැක දෙවන මෙන් ශ්‍රීමත් පාරණ චන්ද්‍රෙස්කර, හරිනාග,ස්කන්ධ සහ සිවු වරම් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේය.

සොර මායන් කියන
උගත් ලෙවු සත රවටන
නිති එනුවර වසන
කවට නායක දනෝ හැමදෙන

නිරිදු වෙත ගොසිනා
කෝලන් කෙළින ලෙසිනා
පිය බසිනි තදිනා
නැමැද සැලකල සදෙහි දෙරනා
 
















4 comments:

  1. godak hoda lipiyak.thawath thorathuru ekathu karanna.

    ReplyDelete
  2. matanam hithenne oya me wage topic akak gana information dapu aka godak hodai kiyala.

    ReplyDelete
  3. godak hodai dr....................thava information dana.....................

    ReplyDelete
  4. kolam kiyanne ape gemi natya wisheshayakne oya e wage topic 1k thora gaththa 1ka godak hodai. kolam witharak newei oya ape desheeya kalawan godak gena article dala eka godak hodai mokada ethakota ape de gena loketama denaganna puluwanne.

    ReplyDelete