Wednesday, January 29, 2014

සොක්‍රටීස් නාට්‍යය. පේරාදෙණිය නව නිශ්පාදනය.



සොක්‍රටීස් නාට්‍යය.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සොක්‍රටීස් නාට්‍යය, නව නිෂ්පාදනයක් ලෙසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය විසින් බාහිර කතිකාචාර්ය පූජිත ද මැල් ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව නිර්මාණය කරන ලදී.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සොක්‍රටීස් මෙම නාට්‍ය 1992 වර්ෂයේ දී නිෂ්පාදනය කර රාජ්‍ය සම්මාන දිනා ගන්නා ලදි. මෙම නාට්‍ය මහේන්ද්‍රයන් විසින් පින්තූර රාමු වේදිකාවට (ප්‍රොසීනියම් වේදිකාවට) අනුව සකස් කරන ලදි. එහෙත් නව නිෂ්පාදනය පින්තූර රාමු වේදිකාවෙන් මිදී ක්ෂේත්‍ර විශේෂී රංගන ක්‍රමයට අනුව සකස් කරන ලදි. ක්ෂේත්‍ර විශේෂී රංගනයේ දී එම ක්ෂේත්‍රයේ තිබෙන විවිධ දේවල් රංගනය සදහා යොදා ගනී.

 සොක්‍රටීස් නාට්‍ය සදහා එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ තිබෙන රොබරෝසියා ගස කල්පනා පීඨය නම් ජවනිකාව සදහා යොදා ගන්නා ලදි. නව නිර්මාණයේ අධ්‍යක්ෂවරයා විසින් පිටපත් රචක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අවසරය ඇතිව නව අධ්‍යක්ෂණයට උචිත පරිදි සකස් කර ගන්නා ලදි. තවද  සොක්‍රටීස් නාට්‍යය තුළ තිබෙන ඇරිස්ටොෆානිස්ගේ නාට්‍යය වෙස් මූහුණු යොදාගෙන ඉදිරිපත් කරන ලදි. ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය අතුල සමරකොන් සහ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය සුදේශ් මන්තිලක සංස්කරණය සදහා නව අදහස් ඉදිරිපත් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ සාමාන්‍යය ප්‍රොසීනියම් වේදිකාවේ ප්‍රෙක්ෂකයින් අසුන් ගැනීමට නියමිත පඩිපෙළ මත රංගය ඉදිරිපත් කළ අතර ප්‍රෙක්ෂකයින් සාමාන්‍යය ප්‍රොසීනියම් වේදීකාවේ රංග භූමිය මතට ගෙන එන ලදි. පඩිපෙළ මත ස්ථාන තුනක එනම් රංග භූමිය මත පිහිටා තිබෙන රොබරෝසියා ගස අසළ කල්පනා පීඨ ජවනිකාවටත් , ගසට වම්පස මෙලිටස් ඇතුළු පිරිස පැමිණීමේ ජවනිකාවත් , දකුණුපස ගොවි ගෙදර ජවනිකාවටත් යොදා ගන්න ලදි.

නාට්‍යයේ වෙස් මුහුණු සහ ඇතැම් දෙබස් සදහා කෝලම් නාට්‍යයන්හි ආභාසය යොදා ගන්නා ලදි. එමෙන්ම සංගීත තනු නිර්මාණය කරන ලද සහය කතිකාචාරිණී තිළිණි විනූෂා විසින් යශෝදරාවතෙහි කවි සහ ඇතැම් නූතන ගීතයන්හි ආභාසය යොදාගන්නා ලදි.

මෙම නාට්‍ය 2013.04.18 දින රංගගත කරන ලද අතර ඉන්පසුව වයඹ විශ්ව විද්‍යාලයෙහි එළිමහන් රංග පීඨයේ දී රංග ගත කරන ලදි.

නාට්‍යයේ පාත්‍ර වර්ගයා.

සොක්‍රටීස් - නලීන් එන් කාරියවසම්. 
ඇරිස්ටොෆානිස් - ජනිත් ගයාන්.
මෙලිටස් - චින්තක ජයරත්න.
ගොවිරාළ - සමුදුර රත්නායක.
සැන්තපී - අනූෂා ජයතිස්ස.
ගොවි මව - අසංකා රත්නායක.
ගොවි පුතා - පද්මිණී දිසානායක.
පාලක ලේකම් - දිස්නා රණසිංහ/ නිසංසලා.
පීඩෝ - මහේෂී.
ප්ලේටෝ - විශාකා කල්පනා.
පීඨ සිසුන් - ඉමල්කා, කෞමදී.

නාට්‍යය අවස්ථා කිහිපයක්.
කල්පනාපීඨය.


සොක්‍රටීස්,සැන්තපී.


 ඇරිස්ටොෆානිස්.
 

ගොවි පුතා.




3 comments:

  1. peradeniya fine arts department eke drama group eketa suba pathanawa.apita socraties drama eke public show ekak ona.group eka contact kara ganna phone numbers evnna.

    ReplyDelete
  2. aaa .........ape darama eka neda dr.............................

    ReplyDelete
  3. mata aka problem akak tiyenawa... gowi puthada me drama aka direct kale?

    ReplyDelete