Tuesday, January 28, 2014

MANIPURI NARTHANAYA.



මණිපුරි නර්තනය සහ ඇදුම් පැළදුම්

ඉතා මටසිලිටු නම්‍යශීලීත්වයෙන් යුතු වූ ලාස්‍යය අංග චලනයන්ගේ බහුතර භාවිතයක් දක්නට ලැබෙන මණිපුරි නර්තන ශෛලිය උත්තර භාරතයේ මණිපූර් නම් ප්‍රාන්ත රාජ්‍යයේ ජන්මය ලැබූවකි. විසිවන සියවසේ මුල් භාගයේ රවීන්ද්‍රනාත් තාගෝරතුමා මෙම නර්තන ශෛලිය සොයගෙන ශාන්ති නිකේතනයේ විෂයක් බවට පත්කරන තුරැ මනිපූර් නම් වූ හුදෙකලා කදුකරයට පමණක් සීමා වී පැවති මෙම නර්තනය අවශේෂ ලෝකයාටද රහසක්ව පැවතුණි. මනිපූර් නර්තනයෙහ රංග වස්ත්‍රාභරණ තරම් අතිශ්‍යය සුන්දර හා අත්කම් මගින් නිමවා ඇති මෝස්තර භාරතීය රංග කලාවන්ට හිමි වීම භාරත මාතාවගේ ආඩම්බරයට කරැණක් විය හැක.

රාස් ලීලාහී අදිනු ලබන ගෝපිකාවන්ගේ ඉගටියේ සිට වළලු කර දක්වා වැසෙන සේ සකස් කළ බැරලයක ආකෘතිය ඇති දිග සාය විශාල බෝඩරයක් සහිතව නොනැමෙනස සේ සකසා ඇත. මේවා රන් රිදී ආදීවූ නූලෙන් අලංකාර මෝසතර සහිතව ගෙත්තම් කර ඇති අතර තැන තැන කුඩා පළිගු කැට සහ තුනී කණ්නාඩි කැබලි අල්ලා එමගින් දිස්නය ලබා ගෙන ඇත.

තද වර්ණයන් වන රතු, කොළ,දුඹුරැ ආදියෙන් යුතු සේද රෙද්දෙන් සකස් කරන ලද සාය වළලු කර දක්වා පළදින ශිල්පිනියෝ ඒ මත විනිවිද පෙනෙන සුදු පැහැති දුහුල් රෙද්දෙන් මසන ලද කෙටි සායක්ද පළදිති.එය ඉතා අලංකාර රැළි සහිතව දිස් වීම මෙම ඇදුම් කට්ටලයෙහි චමත්කාරය වැඩිවීමට හේතුවක්වී ඇත.වළලු කර දක්වා විහිදෙන පළල් බෝඩරය සහිත කුම්මියෙහි ස්වරෑපය අනුව පෙනෙන්නේ එය රෙද්දෙන් නිම කරන ලද්දක් නොව ඉතා ඝනකම් අමුද්‍රව්‍යයකින් සකස් කරන ලද රෙද්දක් ලෙසය.එහෙත් සේද රෙද්දෙන් නිම කර ඇති මෙම කුම්මියෙහි රන්රිදී නූලෙන් යොදා ඇති අලංකාර මෝස්තර මණිපුරි වැසියන්ගේ අත්කම්.පේෂ කර්මාන්ත හා විවිධ ගෙත්තම් ස්වරෑප අනුව පෙන්නුම් කරන පරිදි නිර්මාණය වී ඇත.

මෙම සායෙහි තැනින් තැන කණ්ණාඩි කැබලි අල්ලා තිබීමෙන් මණිපුරිය ඒකාලෝක කිරීම කිරීම සදහා නා රජු විසින් විසුරැවා හරින ලද මිණිකැට සිහිපත් කරන බැව් ඔවුහු විශ්වාස කළහ.උඩ සායෙහි කුඩා බෝඩරයක් ඇති අතර එය නොහැකිලෙන සේ නිමවා ගැනීමට වගබලා ගනිති.ඉගටිය සිට පාදාන්තය දක්වා ඇති කොටසෙහි තුනෙන් එකක් පමණ උඩ සායෙන් ආවරණය කෙරේ.යට ඇති කුම්මි නම්වූ සායෙහි උඩ සායට නොවැසෙන කොටස පමණක් රන්රිදී නූලෙන් මෝස්තර යොදා ඇති අතර  ඉතිරි කොටස තනි වර්ණයෙන් පමණක් දක්නට ලැබේ.නර්තන ශිල්පිනිය බිමට පහත්වී උක්කුටක ඉරියව්වෙන් හිදින විට දී මෙම සාය ඇය වටා කවාකාරව නොනැමී පවතීම මෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් සේ සැලකිය හැකිය.

උඩු කය සදහා අදිනු ලබන විල්ලිද හැට්ටය රිෂම් පුරිට් නමින් හදුන්වනු ලැබේ.මෙය කළු වර්ණයෙන් හෝ කොළ රතු ආදි තනි වර්ණයන්ගෙන් සමන්විත වන අතර එහිද ඉග,කර අත් ආදිය රන්වන් බෝඩර වලින් අලංකාර කර තිබේ.

රාධාගේ චරිතය සදහා අදින ලබන රිෂම් පුරිට් නම් වූ සැට්ටය රතු වර්ණයෙන් අදිනු ලබන අතර කුම්මිය හෙවත් දිග සාය කොළ පාටින් දිස්වේ.ගෝපින්ගේ සැට්ටය කොළ පාටින් අදිනු ලබන අතර කුම්මිය රතු වර්ණයෙන් ඇදීමට පුරැදුව සිටින්නේ ඒඒ වර්ණයන් අනුව ඒඒ චරිත හදුනා ගැනීම පහසු වන හෙයිනි.

ක්‍රිෂ්ණ චරිතය සදහා උඩුකයට අදිනු ලබන රිෂම් පුරිට් නම් සැට්ටය කළු වර්ණයෙන් අදිනු ලැබේ.යටි කය සදහා ධෝතිය අදින් ලබන අතර හිසෙහි පළදින ලද චූරා නම් වූ මකුට පළදනාව ක්‍රිෂ්ණ සදහා පමණක් වෙන්වූ සුවිශේෂ ගෞරවයක් දක්වන්නා වූ ආභරණයකි.එය මොනර පිහාටුවක ආකෘතියකින් සරසා තිබීම ද 
විශේෂත්වයකි.

 


 


 

 


2 comments: