ඔඩිස්සි නර්තනයේ ඇදුම්-පැළදුම්.
භාරතයේ නැගෙනහිර වෙරළාසන්නය එක් පසකින් ද දකුණට ආන්ධ්‍රා ප්‍රදේශයද බටහිරට මධ්‍ය ප්‍රදේශයද උතුරට
බිහාරය හා බටහිර බෙංගාලයද මායිම් වනසේ පිහිටා ඇති ඔරිස්සා ප්‍රාන්තය වර්ග සැතපුම් 60104
භූමි භාගයක පිහිටා ඇත. බුවනේෂ්වර මෙහි අගනගරය වන අතර ඔරිස්සාවේ ජනගහණය 175 48846
පමණ වේ. මෙහි ජීවත්වන ජනතාව ඔරියා නම් වූ භාෂාව භාවිතා කරති. ඔරිස්සා නම් වූ ප්‍රාන්ත
රාජ්‍යයට අයත්ව පවතින එකී ප්‍රදේශයෙහි අනන්තා ලක්ෂණ ගෙන හැර දක්වන නර්තනය ඔඩිස්සි නමින් හැදින්වේ.
ඔඩිස්සි නර්තනයේ ඇදුම් පැළදුම් ආභරණ හා වේෂ නිරෑපනයන්
පිළිබද විග්‍රහයන් නර්තනය සම්බන්ධයෙන් ලියවී ඇති පැරණි පොතපතෙහි සදහන් වේ. ඒ අතරද
මහේෂ්වර මහා පාත්‍ර විසින් ලියන ලද අභිනයචන්ද්‍රිකා නම් වූ කෘතිය විශේෂත්වයෙහි ලා
සැලකිය හැකිය. මහරින්ගේ ඇදුමට දීප්තිමත්
පැහැ සිලික් සාරියක් අඩංගුවී තිබේ. ක්‍රමිකව කෙටිවී යන ආකාරයට අල්ලා ඇති රැලි එක්
පසකට සිටින සේ අදිනු ලබන සාරියෙහි එක් කෙලවරක් එල්ලා වැටෙන අයුරින් සකසා ගැනීමට
ඔහු වග බලා ගනිති.
මෙම සාරිය පට්ට සාරි යනුවෙන් හදුන්වනු ලබන අතර
රතු, කොළ හෝ කහ වැනි තද වර්ණයකින් යොදා ගනිති. මෙම සාරිය යාර නවයක් දිගින් යුතු
වීම අත්‍යවශ්‍ය කරැණකි. මෙම සාරියට ගැළපෙන අයුරින් බදට හිරවන සේ අදිනු ලබන කන්චුලා
නම් වූ හැට්ටය විවිධ වර්ණ බොත්තම් සහ වීදුරැ ගල් වර්ග ආදියෙන් සරසා ගනු ලැබේ. ගොතිපුවා
කණ්ඩායම් හැට්ටය සදහා කලු හෝ රතු වර්ණ යොදා ගත්හ. උකුළ පෙදෙස අලංකාර කර ගැනීම සදහා
රැළි සහිතව අදිනු ලබන නිබ්භන්ධ නම් වූ රැලි මන්තය ඉදිරිපසින් ගැට ගසා ආවරණය
කර ගනී. අභිනයචන්ද්‍රිකා කෘතිය දක්වන ලද ජෝබා නම් වූ ඉගට පළදිනු ලබන ටසල්
සහිත නූලෙන් නිමකරන ලද ඉන හැඩ මාලාව මේ වන විට දක්නට නොලැබේ.
රීදීයෙන් නිම කරන ලද ආභරණ රැසක් වර්තමාන භාවිතය මෙන්ම
අභිනයචන්ද්‍රිකා පෙන්නුම් කරන ආභරණ අතරද දක්නට ලැබේ. වැඩිපුර ආභරණ පැළදීම රංග
කාර්යයට බධාවක් වන හෙයින් වර්තමාන භාවිතය තුළ ආභරණ අඩුවෙන් පළදිනු දක්නට ඇත. ආලක
නම් වූ හිසට පළදින තැල්ල හැරෙන විට සිරස සරසනු ලබන්නේ පුෂ්පවූඩ නම් වූ මල්
සැරසිල්ලෙනි. අභිනයචන්ද්‍රිකා ආකාර ත්‍රනක පුෂ්සවූඩ විග්‍රහ කර ඇත. ඉන් පළමු වැන්න
වන හිර කරනක ලද කොණ්ඩ ගැටය බුරැලට පහළට එල්ලා වැටෙන අයුරින් මල් සැරසිලි කිරීම අර්ධ
බක්තක ලෙසත් කොණ්ඩය පිටට හෙළීම කට්බනි ලෙසත් විග්‍රහ කෙරේ.
කන්වලට කාප, නාග පාෂ බකුලකාලිකා නම් වූ ආභරණයත්
ගෙලට වපසරි සහ පාදකතිලක නම් වූ ආභරණයත් අත්බාහු වලට බහිවූඩ්
නම් ආභරණයත් වර්තමානයේ දක්නට ඇග. තායිත සහ කන්කන මැණික් කටුවට
පළදිනු ලබන අතර ඉන වටා පළදිනු ලබන අලංකාර මේඛලාව බෙන්ගා පටිය යනුවෙන් හැදින්වේ. බෙන්ගාපටියෙහි
තැන තැන කුඩා මිණි එල්ලා ඇත. ඇගිලි සැරසීම සදහා මුදි භාවිතා කරන අතර පාද
වලට පාද ජලා හෙවත් නූපුර, චපුවානි හා ගුංගුරැ පළදිනු ලැබේ. ඇහි බැම
අලංකාර කොට කාජල් ඇස් වල තැවරීමත් නළලත තිලක තැබීමත් වේශ නිරෑපන කාර්යෙහිදී ඉටු
කරගන්නා අතර අල්ල රතු කුංකුම තවරා දෙපතුල් අලාත රතු වර්ණය තැවරීමති සිදු කෙරේ.
obata suba pathanawa. thawath thorathuru ekathu karala letter eka develop karanna.
ReplyDeleteme gana godak hoda infprmation gatha mama.............
ReplyDeletegodak hoda article akak..
ReplyDelete